Thursday, March 28, 2024

චීනය භූතානයෙන් කෑල්ලක් අල්ලයි.

චීනය විසින් භූතානයට අයත් ඇතැම් ප්‍රදේශවලට පිවිස ඒවායේ ජනාවාස ඉදිකරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, චීනය විසින් අවම වශයෙන් භුතානයට අයත් ප්‍රදේශවල ගම්මාන හතරක්වත් ඉදිකර ඇති බවයි.

මෙය වසර ගණනාවක් තිස්සේ,විවිධ සාකච්ඡා හරහා දෙපාර්ශවය අතර දේශසීමාව සම්බන්ධයෙන් ඇති කරගත් එකගතා කඩකිරීමක් බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

චීනය සහ භුතානය කිලෝමීටර් 400 ක පමණ ⁣දේශසීමාවක් බෙදාගන්නා අතර එහි පවතින ගැටලු විසදා ගැනීම සදහා මේ වසරේ අප්‍රේල් මාසයේදී පියවර තුනකින් සමන්විත විශේෂ එකගතාවයක් ද ඇති කරගනු ලැබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles