Thursday, March 28, 2024

චීන විදේශ අමාත්‍යවරයාගේ දකුණු ආසියානු සංචාරයට බලපෑ හේතු හෙළිවේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී දකුණු ආසියාතික රටවල සිදුකරන ලද හදිසි සංචාරයට හේතුව යුක්රේන සහ ඇෆ්ගනිස්ථාන අර්බුද හමුවේ චීනය සම්බන්ධයෙන් දකුණු ආසියානු කලාපයේ මතුවූ භූ දේශපාලනික ගැටලු සමබර කිරීම බව වාර්තා වේ.

මාර්තු 22 සිට 27 දක්වා දින හයක් ඇතුළත වැන්ග් යී පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ නේපාලයේ සංචාරය කළ අතර එහිදී ඔහු එම රටවල් සහ චීනය අතර වන සබදතා වර්ධනය කිරීමට අදාළව සාකච්ඡා සිදුකරනු ලැබිණ.

මෙහිදී, චීන විදේශ අමාත්‍යවරයා, චීන-පකිස්තාන සබඳතා වර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර , මෙම යෝජනා සියල්ල චීනය සඳහා පමණක් ප්‍රතිලාභ ගෙන එන ඒවා බවට මේ වන විට විවේචන එල්ල වෙමින් තිබේ.

චීන විදේශ ඇමතිවරයාගේ සංචාරයේ දී ඒ දිනවල පකිස්තානයේ පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) විදේශ අමාත්‍යවරැන්ගේ රැස්වීමේ විශේෂ ආරාධිතයෙකු ලෙස චීනය පළමු වරට සහභාගී වීම ද කැපී පෙනිණ.

මුස්ලිම් ලෝකය වෙත ළඟා වීමට ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය වැදගත් වේදිකාවක් ලෙස සළකා චීනය මීට සම්බන්ධ වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles