Thursday, April 25, 2024

තායිවානය වටා චීන හමුදා අභ්‍යාසවල බලපෑම ගැන හෙළිදරව්වක්

තායිවානය වටා මෑත කාලීන චීන හමුදා අභ්‍යාසවලින් සැලකිය යුතු බලපෑමක් ඇති නොවූ නමුත් ඔවුන් කනස්සල්ලට පත් වී ඇති බව තායිවානයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AmCham) සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

තායිවානය තමන්ගේම භූමියක් ලෙස ප්‍රකාශ කරන චීනය මෙම යුද අභ්‍යාස සහ අභ්‍යාසවල නිරත වන්නේ එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසි මේ මාසයේ තායිවානය වෙත සංචාරය කළ දා සිටයි.

තායිවාන AmCham පැවසුවේ එහි සාමාජිකයින් 529 න් 126 ක් අගෝස්තු 8-17 සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බවයි.

සියයට 77ක් පමණ තම ව්‍යාපාරවලට සැලකිය යුතු බලපෑමක් සිදුවී නැති බව වාර්තා කළ අතර සියයට 17ක් නැව්ගත කිරීමේ හෝ රක්ෂණ වියදම් වැඩිවීම හෝ සැපයුම්දාම ප්‍රමාදයන් ඇතුළුව බාධා කිරීම් අත්විඳ ඇති බව සදහන් කර ඇත.

සමීක්ෂණය කරන ලද සමාගම්වලින් සියයට 46 ක් මේ වසරේ යුද ක්‍රියාකාරකම් වැඩි වීමක් අපේක්ෂා කරන අතර එය ඔවුන්ගේ මෙහෙයුම්වලට බලපානු ඇතැයි අපේක්ෂා කරන බවත් අනෙක් ඒවා අවිනිශ්චිත හෝ බලපෑමක් අපේක්ෂා නොකරන බවත් සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles