Wednesday, April 24, 2024

වුහාන් විශ්වවිද්‍යාලයේ කොවිඩ් නීතිවලට එරෙහිව සිසු විරෝධතා

විශ්ව විද්‍යාලයන්හි කොවිඩ් ශුන්‍ය නීති රීති සම්බන්ධයෙන් චීනයේ වුහාන් විශ්ව විද්‍යාලයේ සිසුන් සාමකාමී විරෝධතාවක් පවත්වා තිබේ.

ට්විටර් හි වීඩියෝවක දැක්වෙන්නේ සිසුන් පිරිසක් පසුගිය දා වුහාන් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල පිටතට රැස්ව විරෝධතා පාඨ කියමින් කෑගසන ආකාරයයි.

මීට වසර තුනකට පමණ පෙර වෛරසය මුලින්ම මතු වූ නගරයේ විශ්ව විද්‍යාලයේ සිසුන් කියා සිටියේ විශ්ව විද්‍යාලය හැර තම ගම්බිම් බලා යාම සඳහා වන ව්‍යාකූල නීති රීති සහ විභාග කාලසටහන පිළිබඳව තමන් අසතුටට පත්වන බවයි.

දිගින් දිගටම වෛරස් පරීක්‍ෂා කිරීම ගැන තමන් කලබල වී ඇති බවත් විශ්ව විද්‍යාලයේ හි ආහාර අලෙවි කරන වෙළඳසැල් වසා දමා ඇති බවත් සිසුන් පැවසූහ.

වුහාන් විශ්ව විද්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙහි රැඳී සිටීමට හෝ නිවසට යාමට තෝරා ගත හැකි බවත් පන්ති ක්‍රමානුකූලව නැවත ආරම්භ කරන බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles