Saturday, April 20, 2024

නේපාල භූමිය අල්ලාගැනීමට එරෙහිව චීනයට විරෝධය

නේපාලයේ, ගොර්කා හි ඇතැම් ඉඩම් වටා නීති විරෝධී ලෙස සීමා සළකුණු කරමින් උතුරේ නේපාල භූමිය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එරට සිවිල් කණ්ඩායමක් චීනයට එරෙහිව විරෝධතාවක් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් පිරිසක් නේපාල පාර්ලිමේන්තුව දෙසට පෙළපාලිකින් ගොස් ගොර්කා දිස්ත්‍රික්කයේ චුමනුබ්‍රි ග්‍රාමීයේ රුයිලා මායිමේ චීනයේ නීති විරෝධී අල්ලා ගැනීම්වලට විරෝධය දැක්වූ බව විදෙස් වාර්තා පවසයි.

චීනය ආපසු යන්න, චීන ව්‍යාප්තවාදයට තිත තබමු, ආක්‍රමණය කළ ඉඩම් ආපසු ලබා දෙනු සහ චීන මැදිහත්වීම නවත්වනු වැනි සටන් පාඨ මෙම විරෝධතාවයේදී භාවිතා කළ බව වාර්තා වේ.

චීනය නැවත නැවතත් නේපාල ප්‍රදේශ ආක්‍රමණය කරමින් සිටින බවත්, එය දේශසීමා සම්බන්ධයෙන් ජාතීන් දෙක අතර එකග වී ඇති ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් විරෝධතාකරැවෝ සදහන් කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles