Thursday, March 28, 2024

Colombo Stars කණ්ඩායමට කඩුළු 4 ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Colombo Stars කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැති තරඟය කඩුළු 4 කින් ජය ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වුනේ. පලමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුළු 8 ක් දැවි රැස්කලේ ලකුණු 116 ක් පමණයි.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී Ben Dunk ලකුණු 38 ක් හා ඉසුරු උදාන ලකුණු 25 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී Colombo Stars කණ්ඩායමේ ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර හා අකිල ධනංජය කඩුළු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Stars කණ්ඩායමට කඩුළු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ධනංජයද සිල්වා ලකුණු 24 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Galle Gladiators කණ්ඩායමේ නුවන් තුෂාර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

Colombo Stars කණ්ඩායමේ ධනංජය ද සිල්වා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.


Galle Gladiators – 116/8(20 overs)
B.Dunk 38(25) D.de Silva 2/18
I.Udana 25*(17) A.Dhananjaya 2/19
S.Patel 14(16) D.Chameera 2/25

Colombo Stars – 117/6(17.3 overs)
D.Chandimal 26*(27) N.Thushara 2/26
D.de Silva 24(28) P.Tharanga 2/31
D.Wiese 22(16) M.Hafeez 1/15

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles