Thursday, April 25, 2024

පාකිස්තානය යුක්රේනයට ආයුධ දීලා

යුක්රේනය වෙත බටහිර රටවල් සිදුකරන ආරක්ෂක සැපයුම්වලට සමගාමීව, රුසියානු හමුදාවේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා පාකිස්තානයද පසුගිය සති කිහිපයේදී කරච්චි වරායෙන් යුක්රේනයට මිලිටරි සැපයුම් වේගවත් කර ඇති බව වාර්තාවේ.

යුක්රේනයට මායිම් වන තුන්වන රටවල් හරහා පාකිස්තානය මෙලෙස පතොරම් සහ අනෙකුත් ආරක්ෂක සැපයුම් වැඩි කර ඇති බවආරංචි මාර්ග සඳහන් කරයි.

කරච්චි හි පිහිටි ප්‍රොජෙක්ට් ෂිපිං නැව් සමාගම පසුගිය සතියේ වාර්තා කර ඇති පරිදි පකිස්තාන යුධෝපකරණ කම්හලෙන් බහාලුම් 146ක් යුක්රේනයට සැපයීමට පහසුකම් සලසා දී ඇත.

පාකිස්ථානයේ සිට මෙම නැව්ගත කිරීම් පෝලන්තයේ ග්දන්ස්ක් වරාය හරහා යුක්රේනය වෙත මාරු කරනු ලැබ තිබේ.

මිලිමීටර් 155 ප්‍රක්ෂේපණ, එම්4ඒ2 ප්‍රොපෙලින් බෑග් ආරෝපණ, එම්-82 ප්‍රයිමර් සහ පීඩීඑම් ෆියුස් රැගත් බීබීසී වෙසුවියස් නම් නෞකාව කරච්චි වරායේ සිට යුක්රේනය වෙත මෙලෙස එවා ඇති බව පැවසේ.

ඊට ප්‍රතිඋපකාර වශයෙන් යුක්රේනය සිය එම්අයි-17 හෙලිකොප්ටර් යානා වැඩිදියුණු කිරීම සඳහා පාකිස්තානයට සහාය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles