Thursday, April 25, 2024

පකිස්තානයේ අභයන්තර ආරක්ෂාව දරුණු ලෙස බිද වැටී ඇති වාර්තා

පාකිස්තානයේ අභ්‍යන්තර ආරක්ෂාව දරුණු ලෙස බිද වැටී ඇති බවත් අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් කලක් තිස්සේ පාකිස්තානු රජය දැක්වූ මන්දෝත්සාහී ක්‍රියා කලාපය ඊට හේතුව බවත් විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තානයේ එක් එක් ප්‍රාන්ත සඳහා වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමත් ඒවායේ වෙසෙන ජනවර්ග වෙනුවෙන් එකිනෙකට වෙනස් සැලකුම් සිදුකිරීමත් මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවී ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

එරට සුළු ජනතාවට වෙනස්ව සැලකීම මෙන්ම ඔවුනට එරෙහිව වෛරය ඇති කරවන ආකාරයේ අන්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වීම මෙම තත්ත්වයට තවත් බලපෑමක්ව ඇති බව ද පැවසේ.

ඇෆ්ගනිස්ථානය ආසන්න ප්‍රදේශයන්හි පාලන බලය පාකිස්තානය වෙතින් ගිලිහී යාම හා ඒවායේ අන්තවාදීන් විසින් බලය පවත්වාගෙන යාමද තත්ත්වය තවත් උග්‍ර අතට පත්කර ඇතැයි විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ හේතුවෙන්, පකිස්තානයේ වෙසෙන චීන ජාතිකයන්ගේ ආරක්ෂාවට මූලිකත්වය ලබාදිය යුතු බවට බීජිං පරිපාලනය විසින් පාකිස්තානු රජයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇතැයි ද විදෙස් වාර්තා පවසයි.

දැනට දෙරට අතර ආර්ථික කොරිඩෝර ව්‍යාපෘතිය යටතේ දහසකට අධික චීන ජාතිකයන් පිරිසක් පාකිස්තානයේ සේවය නිරතව සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව තර කිරීම දැඩි අවශ්‍යතාවයක් බව චීන රජය මේ වනවිටත් කීපවිටක්ම පාකිස්තානු බලධාරීන්ට දැනුම් දී ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles