Friday, April 26, 2024

චීනයේ කොවිඩ් මරණ මිලියන 400ක්

චීනයේ රෝහල් මළ සිරුරු වලින් පිරී ඇති අතර ආදාහනාගාරවල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් මිලියන 400 ක ජනතාවකට ජීවිත අහිමිවී ඇති බවත් චීන ෆලූන් ගොං පදනමේ නිර්මාතෘ ලී හොන්ග්ශි ප්‍රකාශ කරයි.

සිය ජනප්‍රියතාවය හේතුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ වෛරයට පාත්‍රවී සිටින මාස්ටර් ලී හොන්ග්ශි, පෙන්වාදෙන්නේ, වසංගතය හේතුවෙන් චීනයේ මිලියන 400 ක ජනතාවක් මිය ගොස් ඇති අතර චීන කොමියුනිස්ට් පක්ෂය එය වසන් කිරීමට උත්සාහ කරන බවයි.

මෙම වසංගත රැල්ල අවසන් වන විට චීනයේ මිලියන 500 ක ජනතාවක් මිය යනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මාස්ටර් ලී සඳහන් කරන්නේ, සාර්ස් වසංගතය විසින් චීනයේ මිලියන 200 ක් ජීවිත බිලිගැනීමෙන් වසර ගණනාවකට පසුව, චීන කොමියුනිස්ට් පක්ෂය  විසින් සිය රටේ ජනගහනය අඩු වී ඇති බව පිළිගත් බවයි. වහාම දරුවන් දෙදෙනෙකු සහ තිදෙනෙකු බැගින් පවුලකට එක්කරගත හැකි බවට නියමයක් සම්මත කරගනු ලැබුවේ ඉන් අනතුරුව බවද මාස්ටර් ලී පෙන්වාදෙයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට, චීනය පුරා කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අතර බලධාරීන් පැවසුවේ දෙසැම්බර් 7 වනදා සිට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles