Friday, April 26, 2024

ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිවෙයි.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම් ඵලදායි ලෙස සම්ප්‍රේෂණයවීම සඳහා පහසුකම් සැලසීමට ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත්කිරීමට ද මුදල් මණ්ඩලය තීරණයකර තිබේ.

එවැනි ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග කඩිනමින් සම්ප්‍රේෂණයවීමත් සමඟ, අරමුදල් පිරිවැය ඉහළ නැංවෙනු ඇති බවත් එමගින් මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවීම සංසරණයේ පවතින අතිරික්ත මුදල් බැංකු පද්ධතිය වෙත නැවත ලබා ගැනීමට පෙළඹවීම, පොලී අනුපාතික විෂමතා ඉවත් කිරීම විනිමය අනුපාතික මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ ආර්ථිකය ඉල්ලුම් පීඩන ඇති වීම අවම කරනු ඇති බවත් මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles