Saturday, April 20, 2024

ජැක්සන් ඇන්තනිගේ තීරණාත්මක මාසයද?

ජැක්සන් ඇන්තනි කියන්නේ රටක් ආදරය කරන දක්ෂ කලාකරුවෙක්. ඉතින් ඔහු මීට මාස කිහිපයකට පෙර අනතුරකට පත්වුණා.

හරියටම කියනවා නම් ඒ, ගිය ජූලි මුල් සතියේ.දැන් මාස 4 ක් තිස්සේ ජැක්සන් ඉන්නේ Ventilator එකක ආධාරයෙන්.

පසුගිය දවස් වල කිහිපවිටකදී සිහිය ආවත් , වචන කිහිපයක් කතා කළත් ඔහුගේ දුව මාධවී නම් දැන් කියන්නේ ඔහු ඉන්නේ තීරණාත්මක තත්ත්වයක කියලයි.

ඇය එහෙම කියන්නේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත නිසයි.

එලෙස දිගින් දිගටම පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල විය හැකි අතර සහ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ විය හැකි බැවිනි. 

source : gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles