Friday, March 29, 2024

චීනයේ ක්‍රියා ආසියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් බව ඇමරිකාව කියයි

චීනයේ බලහත්කාර, ආක්‍රමණශීලී සහ භයානක ක්‍රියා ආසියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් වන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සිංගප්පූරුවේ පැවැත්වෙන ප්‍රමුඛ ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කර තිබේ.

ඉන්දු-පැසිෆික් රටවල් දේශපාලන බිය ගැන්වීම්, ආර්ථික බලහත්කාරකම් හෝ සමුද්‍රීය හිරිහැරවලට මුහුණ නොදිය යුතු බව ඔස්ටින් ෂැංග්‍රි-ලා සංවාදයේ ප්‍රධාන දේශනයකදී පැවසීය.

මහජන චීන සමූහාණ්ඩුව ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය අඩපණ කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඇමරිකාව සහ චීනය අතර අනවබෝධයන් වලක්වා ගැනීම සඳහා සන්නිවේදන මාර්ග සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට ඇමරිකාව චීනයේ හමුදා නායකයින් සමඟ සමීපව කටයුතු කරන බව ද එක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles