Thursday, April 25, 2024

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ දැවැන්ත සංවර්ධනයක්

විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමතරව යටිතල පහසුකම් සංවර්ධනය මගින් මෙහෙයවනු ලබන වඩා හොඳ සම්බන්ධතාවයක් ජම්මු සහ කාශ්මීරයේ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නංවා ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

නිෂ්පාදන සහ සංචාරක යන අංශ දෙකටම විශාල රැකියා අවථාවක් ඇති බැවින් රජය ඒ සම්බන්ධයෙන් පුළුල් දැක්මක් සහිතව කටයුතු කරන බව ඔහු පවසා තිබේ.

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජන කොටස්වලට සහ පුරවැසියන්ට ලබා දීමට රජය කැපවී සිටින බවත් නව වෛද්‍ය විද්‍යා ආයතන (AIIMS) 2 ක්, නව වෛද්‍ය විද්‍යාල 7 ක්, ප්‍රාන්ත පිළිකා ආයතන 2 ක් සහ සාත්තු නිවාස 15 ක් ආරම්භ කිරීමත් සමඟ ජම්මු සහ කාශ්මීරයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන යටිතල පහසුකම් ශක්තිමත් වෙනු ඇති බවත් ඔහු පැවසීය.

රැකියා සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා මධ්‍යම රජය ගෙන ඇති පියවරවල කොටසක් ලෙස රජය විසින් මෑතකදී ජම්මු සහ කාශ්මීරයේ රැකියා පොළ ද සංවිධානය කර තිබුණි.

මෙම ව්‍යාපාරය යටතේ පළමු අදියර වශයෙන් ඉදිරි මාස කිහිපය තුළ මධ්‍යම රජය විසින් පත්වීම් ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ලබා දෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles