Thursday, March 28, 2024

බැසිල් රාජපක්ෂ රටෙන් පිට උනාද..?

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබේ

. අදාළ වාර්තාවල සඳහන් කර තිබුණේ, බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ගුවන් තොටුපළෙන් අද (අප්‍රේල් 16) උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරිය පවසනවා.

නඩත්තු කටයුත්තක් නිසා මෙම ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබී ඇති අතර එය අවසන් වීමෙන් පසු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

එසේම පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියා.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලෙක්ම්වරයා උපුටා දක්වමින් Daily mirror මාධ්‍යවේදිනී ජමිලා හුසේන් පවසන්නේ එම පුවත අසත්‍ය බවයි.

බැසිල් රාජපක්ෂ තවමත් කොවිඩ් රෝගය සඳහා මෙරට ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඒ අනුව පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles