Saturday, April 20, 2024

ඩොලර්වලින් නිවාස මිලදී ගත්තොත් වට්ටම්..

ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. මෙලෙස ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ට සියයට 10ක වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති. රටේ පවතින ඩොලර් අර්බුදයට තවත් පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. 

 නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මේ වනවිට වැඩ අවසන් කර ඇති මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් වන බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 608 කින් සමන්විත අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ඩොලර් භාවිත කර මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වනවිට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතින අතර එමගින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles