Friday, April 19, 2024

ෂින්ජියැන් හි අපරාධ සම්බන්ධයෙන් රටවල් රැසක කණස්සල්ල

චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් රටවල් විශාල සංඛ්‍යාවක් සිය කණස්සල්ල පළ කර තිබේ.

එම කලාපයේ මානව අයිතිවාසිකම් තත්ත්වය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස එම රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා වෙත අවධාරණය කර ඇත.

ෂිංජියැං උයිගුර් ස්වයංපාලන කලාපයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නෙදර්ලන්ත තානාපති පෝල් බෙකර්ස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවසා තිබේ.

රටවල් 47ක් වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, ඔහු පෙන්වා දුන්නේ, මිලියනයකට වැඩි උයිගුර්වරුන් සහ අනෙකුත් මුස්ලිම් සුළුතර සාමාජිකයින් චීනය විසින් කලාපයේ අත්තනෝමතික ලෙස රඳවාගෙන ඇති බවයි.

වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්, බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය, බලහත්කාර ශ්‍රමය සහ බලධාරීන් විසින් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කිරීම පිළිබඳව ද ඒකාබද්ධ ප්‍රකාශය මගින් කනස්සල්ල පළ කර ඇත.

ෂිංජියැං හි තත්වය ස්වාධීනව නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ට සහ විශේෂඥයින්ට අසීමිත ප්‍රවේශයක් ලබා දෙන ලෙස ඔවුහු බීජිං වෙතින් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles