Thursday, March 28, 2024

“DRIVELINE” පරිසරය සුරැකීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික කාලයක් පුරා විශ්වසනීය නමක් දිනාගත් ආයතනයක් වන ඩ්‍රයිව්ලයින් ආයතනය, මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගැනීමට සමත්වී සිටියි.

මෙම උළෙල පසුගිය අප්‍රේල් 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

පරිසර අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙරට පරිසර සමතුලිතතාවය හා එහි ආරක්ෂාව, සංරක්ෂණය වෙනුවෙන් කැපවුනු පුද්ගලයින් හා ආයතන හඳුනාගැනීමටත් ඒවා බලගැන්වීමටත් කරනු ලබන ප්‍රධාන හා අද්විතීය වැඩසටහනක් ලෙස සැලකේ.

ඩ්‍රයිව්ලයින් ආයතනය තම ආයෝජනයන් හීදී මෙම පරිසර හිතකාමී බවට; ප්‍රායෝගිකත්වයට සේම මුල්තැනක් දී කටයුතු කරනු ලබයි.

එය අද්විතීය පාරිභෝගික සේවාවට මෙන්ම පරිසරික සමතුලිත භාවය රැකගැනීමට එකසේ ඉවහල් වී ඇත.

ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන ශාන් කායෝ මහතා මෙහිදී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබන අතර ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනයන්හට ද පරිසර සමතුලිතතාවය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට දිරිගැන්වීමලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට අදහස් කරමින් සිටින බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles