Thursday, April 25, 2024

e-wis මෙසේ කියයි…! හොරා කවුද?

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය සැපයුම් දත්ත ගබඩා කිරීමට රුපියල් මිලියන 640 කට අධික මුදලක් වැය කරමින් ලබාගත් පරිගණක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉකුත් දා කෝප් කමිටුවේදී සිදුවූ අනාවරණය පිළිබඳ අදාළ පරිගණක පද්ධතිය සැකසූ ඊ – විස් සමාගම අද ප්‍රතිචාර දැක්වුවා. 

ඉකුත් දා කෝප් කමිටුවේදී අනාවරණ වූයේ මෙම පරිගණක පද්ධිතය මාසිකව යාවත්කාලීන කිරීමට රුපියල් මිලියන 5 ක මුදලක් වැය වන බවයි. 

මේ ඊට ප්‍රතිචාර දැක්වූ අදාළ සමාගමේ විධායක අධ්‍යක්‍ෂ සංජීව වික්‍රමනායක.

එහිදී ආයතනය පාර්ශවයෙන් පළව ඇති අදහස මෙබඳුය. වෛද්‍ය සමන් රත්නායක මහතාට අභියෝග කරන එම ආයතන මෙසේ අසයි.

ඔබ 03/06/2022 දින රුපවාහිනී සකච්ඡාවකදී කියන ආකාරයට ලංකාව තුල ඉස්පිරිතාල 1157 ඇති අතර දැනට ඉස්පිරිතාල 237 මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වේ. එනම් ඉතිරිව ඇත්තේ 920 ක් පමණි. ඔබ කියන ආකාරයට මෙම මෘදුකාංග license එකක වටිනා කම 296,176.64 වේ.

එනම් ඔබට මිලියන 7000 ක මුදලකට මෙම මෘදුකාංග license’s 7000,000,000 / 296176.64 = 23634. එනම් ඔබ විසින් සදනා ලද ඇස්තමේන්තුව වනුයේ මෘදුකාංග license’s 23634 ක ප්‍රමාණයකි. ඉතිරි ඉස්පිරිතාල 920 සදහා මෙම මෘදුකාංග license’s 23634 අවශ්‍යතාවය ඔබතුමා විසින් ගරු හර්ෂ ද සිල්වා මැතිතුමාට ඉදිරි COPE කමිටුවේදී පැහැදිලි කරන්නේද යන්න අපි බලාසිටිමු.

ඒ සදහා පරිගණක 23634, UPS 23634,printer ,network connections ,මේස ,පුටු , සේවක පිරිස 23634 මෙම ඉතිරි  ඉස්පිරිතාල 920 සදහා ලබන්නේ කෙසේද? ඒ සදහා ඇස්තමේන්තු මුදල කොපමණද? යන්න එතුමා ඇතුළු COPE කමිටුව හමුවේ ප්‍රකාශකරන්න. නැතහොත් ගරු හර්ෂ ද සිල්වා මැතිතුමා කියනා ආකාරයටම ඔබ “CRIMINAL” ඔබ අපරාධ කරුවෙකි.  දැනට වෙලදපලාහි පවතින ගණන් අනුව i7 නවීන පරිගණකයක් අවමය රු 400,000,UPS 20,000, printer එකක් 50,000,network සදහා 5000,මේසය පුටුව 40000 අතර අගයක පවතී. ඔබට මෙම භාණ්ඩ ලබා ගැනීමට පමණක් අවමය 515,000 මුදලක් වියදම් වේ. එනම් මෘදුකාංග license’s 23634 නඩත්තුව සදහා භාණ්ඩ වල වියදම 515,000*23634 = 12171,,000,000 ක වියදමකි

සී.බී රත්නායක මහතාගේ ඥාතිවරයෙකු වන ඔබ මෙම සේවාවන් වෙනත් තරගකාරිනියකට ලබාදෙන්නට තීරණය කර ඇත්තේ ඇයි?

“ස්වස්ථ” නමින් හඳුන්වන නව දත්ත කළමනාකරණ පද්ධතිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට රෝහල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට නියමිතය. මේ සඳහා මාසික ගෙවීමක් සිදු කල යුතු නැත. එහි කටයුතු 60% පමණ මේ වන විටත් නිමා කර ඇත.”  එහෙත් දැනට දාපු ඉස්පිරිතාල ගොඩක් තියනවා  ,මේ සදහා කිසිදු පුහුණුවක් අවශ්‍ය වෙන්නෙත් නැ, ඉස්පිරිතාල 1157 ඔක්තෝබර් මාසේ වෙනකොට පරිගණක,UPS,printer ,network connections හදල ,මමයි චන්නයි දවස් 23 කින් ටෙන්ඩරය දුන්නා වගේ මේ වැඩේ ගොඩ දානවා කියලා විතරයි

අපි ඔබ මීලග කෝප් කමිටු රැස්වීමෙදි උත්තර දෙන හැටි බලාගෙන ඉන්නේ….

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles