Tuesday, April 23, 2024

ඉන්දියාවේ කෘෂි අංශය බාධා නොතකා ඉදිරියට

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% කට ආසන්න ප්‍රමාණයකට දායකවන සහ විශාලතම රැකියා සපයන්නා වන ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය, කොවිඩ්-19 කම්පන නොතකා සලකිවයුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වාර්තා අනාවරණය කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ආර්ථික සමීක්ෂණය මගින් පෙන්වාදෙන්නේ පසුගිය වසර හය තුළ කෘෂිකාර්මික අංශය සාමාන්‍යයෙන් 4.6% කින් වර්ධනය වී ඇති බවයි.

කෘෂි අංශය 2020-21 දී වාර්තා කළ 3.3% වර්ධනයට සාපේක්ෂව 2021-22 දී 3% කින් වර්ධනය වී ඇති බව සමීක්ෂණය පෙන්වාදෙයි.

2021-22 වසර තුළ කෘෂි නිෂ්පාදන විදේශයන වෙත නැව්ගත කිරීම් ඩොලර් බිලියන 50.2ක් දක්වා වාර්තාගත මට්ටමකට ළඟා වෙමින් ඉන්දියාව ගොවිපල නිෂ්පාදනවල ප්‍රධාන අපනයනකරුවකු ලෙස ඉදිරියට පැමිණ තිබෙන බවර සමීක්ෂණය සඳහන් කරයි.

කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස, අඩු යාන්ත්‍රිකකරණය සහ වගා වියදම් ඉහළ යාමේ අවදානම්වලට කෘෂි අංශය තවදුරටත් මුහුණ දෙන බැවින් ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම අවශ්‍ය බව එම වාර්තාව මගින් රජයට පෙන්වාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles