Saturday, April 20, 2024

චීනයේ ව්‍යාපාරික වටපිටාව පිළිබඳව යුරෝපීය සංගමයේ කනස්සල්ල

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ව්‍යාපාරවල වර්ධනය වන දේශපාලනීකරණය ඇතුළුව එහි ව්‍යාපාරික වාතාවරණය පිළිබඳව යුරෝපීය සංගමය සිය කනස්සල්ල මතු කර තිබේ.

යුරෝපා සංගමයේ විධායක උප සභාපති වැල්ඩිස් ඩොම්බ්‍රොව්ස්කිස් පසුගියදා 9 වැනි යුරෝපා සංගම්-චීන ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සංවාදයේදී චීන උප අගමැති ලියු හමු වූ අවස්ථාවේ මෙම ප්‍රශ්නය මතු කර ඇති බව පැවසේ.

කොවිඩ් -19 නිසා ඇති වූ ගෝලීය ආර්ථික අභියෝග, සැපයුම්දාම කඩාකප්පල් වීම සහ ආහාර, බලශක්ති සහ මූල්‍ය වෙලඳපොලවල් ඇතුළුව රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ බලපෑම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ.

ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ගැටළු සහ මූල්‍ය සේවාවන්හි සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව ද පාර්ශවයන් සාකච්ඡා කළ බව සදහන් වේ.

යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය ගෝලීය ආරක්ෂාවට සහ ආර්ථිකයට සැලකිය යුතු අභියෝග නිර්මාණය කරන බව ඔහු අවධාරණය කළ බව ඩොම්බ්‍රොව්ස්කිස් පැවසීය.

යුරෝපා සංගමය සහ චීනය අතර වඩාත් සමතුලිත සහ අන්‍යෝන්‍ය වෙළඳ සහ ආයෝජන සබඳතා ගොඩනැගීම සඳහා අඛණ්ඩව සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද ඩොම්බ්‍රොව්ස්කිස් අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles