Saturday, April 20, 2024

චීනයේ අගුලු තදවෙයි

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා චීනයේ ක්‍රියාත්මක සීමා කිරීම් දැඩි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ෂැංහයි හි පවතින දැඩි අගුලු දැමීමේ සීමාවන් එළෙසම ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී මතුව ඇති ආහාර හිඟය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ද දැඩි ලෙස බලපා ඇති බව පැවසේ.

මේ හේතුවෙන් ෂැංහයි හි කෝපාවිෂ්ඨ පදිංචිකරුවන් කලකිරීමෙන් මහල් නිවාසවල බැල්කනිවල සිට කෑගසන වීඩියෝ දර්ශන ද මේ වන විට හුවමාරැවෙමින් තිබේ.

මේ අතර බීජිං නගරයේ ද විවිධ නව සීමාවන් ක්‍රියාත්මක කර ඇති අතර , පාසල් වසා දැමීම, මංගල සහ අවමංගල උත්සව තහනම් කිරීම එම ක්‍රියාමාර්ග අතර වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles