Thursday, April 25, 2024

ගොවි ණය කපා දමනවා…

පවතින තත්ත්වය යටතේ රට ගැටළු රැසකට මුහුණ දී ඇති බැවින් ඉදිරියේදී ඉතා දැඩි මුල්‍ය පාලනයකට යාමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අද(07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එසේම අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග මේ පිළිබඳව සාකච්ඡා සිදුකළ බවත් අගමැතිවරයා කියා සිටියා.

ඉන්ධන සහ ගෑස් භාවිතා කිරීමේදී හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද ඉල්ලීමක් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස 06තුළ රට නොවැටී තබාගැනීමටනම් විශාල මුදලක් අවශ්‍ය බවයි.

එම මුදල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද අගමැතිවරයා සඳහන් කළා.

එසේම ආහාර හිඟය ගැනද මෙහිදී අදහස් පළකෙරුණු අතර වාර්ෂිකව මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.4ක් පමණ වන බැවින් මේ වනවිට රට තුළ පවතින්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් පමණ වන බවද ඔහු කියා සිටියා.

ඊට අමතරව ගොවීන් විසින් ලබාගෙන ඇති ගොවි ණය කපා දැමීමට කටයුතු කරන බවද අගමැතිවරයා සඳහන් කළා.

පවතින තත්වය වෙනස් කිරීමටනම් යලි ජාත්‍යන්තරය සමඟ සුහදව කටයුතු කළයුතු බව සඳහන් කළ අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවිරහිත වූ පරිගණකයක් සේ වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles