Thursday, April 25, 2024

සමුද්‍ර ආරක්‍ෂාවට “රාමුවක්” අවශ්‍ය බව මිලින්ද කියයි.

චීනයේ අධි තාක්ෂණික ‘යුවාන් වැන්ග් 5’ නෞකාව පිලිබඳව ප්‍රශ්නයක් ඇතිවූ බවත්, සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී නව “රාමුවක්” ගොඩනැගිය යුතු බව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ පෙන්වාදී ඇත. චීන චන්ද්‍රිකා සහ මිසයිල ලුහුබැඳීමේ නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටව යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයට ‘ඉහල මට්ටමේ’ දැනුම්දීමක්’ සිදුකර ඇතැයිද මහකොමසාරිස්වරයා ‘ද හින්දු’ පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා(25) ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට අනතුරු ඇඟවීමක්(සංචාරක මාර්ගෝපදේශයක් පැනවීම) සිදුකළ අතර, ‘ද හින්දු’ පුවත්පත පෙන්වාදී ඇත්තේ, මෙම අනතුරු ඇඟවීම සහ නෞකාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදකාරී තත්වය අතර සම්බන්ධතාවක් පැවතිය හැකි බවයි. කෙසේවෙතත් මෙම තත්වය පිළිබඳව අදහස් පළකර නැති ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා, විශේෂයෙන්ම ආර්ථික හා උපායමාර්ගික ක්ෂේත්‍රයේ ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව සම්බන්ධයෙන් අනාගතය දෙස බැලීම වැදගත්බව පෙන්වාදී තිබේ.

‘ද හින්දු’ අනවරණය කරන ආකාරයට, ඉන්දියාවේ ණය පහසුකම් ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 3.8 ක ආර්ථික ආධාරවලට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තවත් වෙළඳ සබඳතා, බලශක්ති බෙදාගැනීමේ ජාලයක් සහ පුනර්ජනනීය බලශක්ති මෙන්ම තෙල් ගබඩා කිරීමේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
“නෞකාව නැව්ගත කිරීම අප අතර ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැත. ප්‍රශ්නය වන්නේ අනාගතයේදී එවැනි ගැටලු මඟහරවා ගැනීම සඳහාත්, මෙවැනි ප්‍රශ්නවලට විශ්වාසය කඩවීමට ඉඩ නොතැබීම සඳහා රාමුවක් ගොඩනඟන්නේ කෙසේද යන්නයි” යනුවෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles