Wednesday, April 24, 2024

නොමිලේ පිටි බෙදීමේ දී පාකිස්තානයේ බිලියන 20ක වංචාවක්

පකිස්ථානයේ ෆෙඩරල් ආන්ඩුවේ නොමිලේ පිටි බෙදා දීමේ යෝජනා ක්‍රමයෙන් පාකිස්තාන රුපියල් බිලියන 20 ක වංචාවක් සිදුව ඇති බව හිටපු අගමැති සහ පකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් (පීඑම්එල්-එන්) ජ්‍යෙෂ්ඨ නායක ෂාහිඩ් අබ්බාසි ප්‍රකාශ කළ බව Geo News වාර්තා කරයි.
පකිස්තානයේ ක්‍රමය දූෂිත හා යල්පැන ගිය එකක් බවට පත් වී ඇති බවත් ඔහු පැවසීය.
අබ්බාසි විමසා ඇත්තේ රාමසාන් මාසය තුළ දුප්පතුන්ට නොමිලේ පිටි ලබා දීම සඳහා රජය වෙන් කර ඇති රුපියල් බිලියන 84 ක සහනාධාරයෙන් දුප්පතුන්ට ලැබෙන්නේ කොතරම් ප්‍රමාණයක් ද යන්නයි.
ඔහුගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් තොරතුරු අමාත්‍ය Marriyum Aurangzeb පැවසුවේ, පන්ජාබ්, කයිබර් පන්තුන්කාවා, සින්ද් සහ ඉස්ලාමාබාද් හි මිලියන සංඛ්‍යාත දුප්පත් ජනතාවට “පූර්ණ විනිවිදභාවයෙන් සහ අවංකභාවයෙන්” ශුද්ධ මාසය තුළ නොමිලේ පිටි ලබා දුන් බවයි.
අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විවිධ නගරවල පිටි බෙදා හැරීමේ ස්ථානවලට ගිය බව ද අමාත්‍යවරිය පැවසුවාය.
රාමසාන් කාලය තුළ සිදු කළ පිටි බෙදා දීම් අතරතුර තෙරපීමෙන් පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධීන් ද වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles