Saturday, April 20, 2024

Gallface සන්නිවේදන කුළුණේ අබිරහස!

ගාලු මුවදොර අරගලකරුවන්ගේ භූමියේ මින් පෙර දුරකතන සංඥා අක්‍රීය කරවන ජෑමර් යන්ත්‍ර සවිකර තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණ වීමත් සමඟ ඒවා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

ජනාධිපතිවරයාගේ කාර්යාලය අවට ආරක්ෂක උපක්‍රමයක් ලෙස ජෑමර් යන්ත්‍ර තිබීම සාමාන්‍ය කරුණක් බව ආරක්ෂක අංශ පවසනවා.

නමුත් හදිසියේම ඊයේ දිනයේ ලංකාවේ සන්නිවේදන සමාගමක් විසින් හදිසියේම දුරකථන කුළුණක් මෙම ස්ථානයේ ස්ථාපිත කරනු ලැබුවා.


සාමාන්‍යයෙන් මෙකී ආයතනය ලංකාවේ පාරිභෝගිකයන්ගේ නොමඳ නින්දාවට ලක්ව ඇත්තේ විවිධ ආකාරයෙන් සේවාව ලබාදීමේදී කරන අක්‍රමිකතා සම්බන්ධයෙනි. එවැනි ආයතනයක් කිසිදු ඉල්ලීමකින් තොරව ජනතාවට ආදරයෙන් අධිආරක්ෂිත කලාපයක සන්නිවේදන කුළුණු ඉදිරිකිරීම ගැන බරපතළ සැකයක් මතුව ඇතැයි විරෝධතාකරුවෝ මැසිවිලි නගති.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යංශයට යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර එහි අවසරයකින් තොරව කිසිදු ඉදිකිරීමක් සිදුකිරීම තහනම් වනවා. ඒ වගේම සංඥා ඇන්ටෙනා සවිකිරීමේ සම්මතයන් හා පිරිවිතරයන් රැසක් එම වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා.

එසේ තිබියදී නිවාඩු දිනෙක මෙවැනි සේවාවක් ලබාදුන්නේ ඇයි? සහ කුමකටද යන්න ජනතාවට සැක මතුව තිබෙනවා. ඒ පිළිබඳ හිටපු ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද සැක පළකර තිබෙනවා.

කෙසේ නමුත් ඩයලොග් සමාගම පවසන්නේ පැවැති දැඩි ඉල්ලුම නිසා සංඥා බිඳවැටීම් හරහා සිදුවූ අපහසුතාව මගහැරවීමටත් Live Streaming පහසුකම් වේගවත් කිරීමේ අරමුණ ඇතිව මෙම පිහිටුවීම සිදුකළ බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles