Friday, April 19, 2024

චීනයේ න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්ථානයක් තවදුරටත් පුලුල් කෙරේ.

චීනය ෂින්ජියැන්ග් උයිගුර් ස්වයංපාලන කලාපයේ පිහිටි සිය න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්ථාන පුළුල් කරමින් සිටින බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර තිබේ.

චීනය එම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ වසර 25 කට පෙර නතර කර තිබූ බව සදහන් විය.

එහෙත්, චීනය එහි සිය න්‍යෂ්ටික අත්හදා බැලීමේ හැකියාව ශක්තිමත් කරන බව චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රිතව විශේෂඥයින් ගණනාවක් සනාථ කර තිබේ.

බල සම්ප්‍රේෂණ රැහැන් සහ අධි පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා භාවිතා කළ හැකි පහසුකමක් මෑතකදී එහි සවි කර ඇති එමගින් නිරීකෂණය වී ඇත.

බටහිර චීනයේ ෂින්ජියැන්ග් උරුගුර් ස්වයං පාලන කලාපයේ ගිනිකොන දෙසින් සිඳී ගිය ලුණු විලක් වන Lop Nur ට කිලෝමීටර් 450 ක් ඉහළින් චන්ද්‍රිකාවක් මගින් නව ඉදිකිරීම් පිළිබඳ සාක්ෂි අනාවරණය කර ගෙන තිබේ.

බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ රහසිගත න්‍යෂ්ටික පරීක්ෂණ ප්‍රදේශය චීන හමුදාව විසින් ආරක්ෂා කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles