Thursday, April 25, 2024

ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සීක් ආගමික ග්‍රන්ථ ආරක්ෂිත ස්ථානයක‍ට

නාඳුනන පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගුරුද්වාරා හි ශුද්ධ වූ ග්‍රන්ථ එම සීක් ආගමික සංකීර්ණයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තාවේ.

ගුරුද්වාරා කර්තේ පර්වාන් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් සීක් භක්තිකයෙකු සහ මුස්ලිම් ආරක්ෂක නිලධාරියෙකු ලෙස හදුනාගෙන තිබේ.

ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නාඳුනන සන්නද්ධ පුද්ගලයින් පිරිසක් ධර්මශාලාවට ඇතුළු වී අත්බෝම්බයක් එල්ල කල බවත් ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

ප්‍රහාරකයන් පරිශ්‍රයට ඇතුළු වන විට 25 ත් 30 ත් අතර පිරිසක් ගුරුද්වාරා සංකීර්ණය තුළ උදෑසන යාඥාවන් සඳහා පැමිණ සිටි බවත් පුද්ගලයන් 10-15 ක් පමණ පැන යාමට සමත් වූ බවත් පැවසේ.

සීක් ප්‍රජාව ඇතුළු ඇෆ්ගනිස්ථානයේ ආගමික සුළුතරයන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles