Friday, March 29, 2024

බංග්ලාදේශ අගමැතිනියගෙන් ඉන්දියාවට ප්‍රසාදය.

අසල්වැසියෙකු ලෙස සිය රටට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිය පළ කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.

ඒ එන් අයි පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ යුක්රේන අර්බුදය හමුවේ යුරෝපයේ සිරවී සිටි එරට සිසුන් මුදා ගැනීම සඳහා දැක්වූ සහයෝගයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට ස්තූතිය පළ කරන බවයි.

යුක්රේන අර්බුදය හමුවේ පෝලන්තයට පැමිණ සිටි ඉන්දීය සිසුන් මුදා ගැනීමේදී ඉන්දියාව, බංග්ලාදේශ සිසුන් ද මුදාගත් බවත්, ඉන්දියාව යනු බංග්ලාදේශයේ සමීප මිතුරෙකු බව ඉන් පෙන්නුම් කෙරුණු බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වී තිබියදී හුදෙක් බංග්ලාදේශයට පමණක් නොව අසල්වැසි අනෙකුත් රටවලට ද Vaccine Maitri වැඩසටහන යටතේ එන්නත් ලබාදීමේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය වැදගත් කාර්යය භාරයක් ඉටු කළ බව ද බංල්ගාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව යනු සෑම අසීරු අවස්ථාවකදීම අතනොහැරි මිතුරෙකු බවත් දෙරටේ ජනතාවගේ යහපත උදෙසා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවත් බංග්ලාදේහ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් 05 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ඇය සැප්තැම්බර් 08 වනදා දක්වා එරට රැඳී සිටීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles