Thursday, April 25, 2024

චීනය හොංකොංහි පාසල් විෂය මාලාවත් වෙනස් කරයි

වසර දහයකට පෙර , හොංකොං සිසුන් දහස් ගණනක් වීදි බැස ඔවුන්ගේ පාසල් විෂයමාලාවේ යෝජිත වෙනස්කම්වලට විරෝධය පළ කරනු ලැබූවත් යළිත් වතාවක් චීනයවිෂය මාලාවේ ඊටත් වඩා දරුණු සංශෝධන සිදුකිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

හොංකොං කිසිදා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවන බවට නව පාසල් පෙළපොත් ප්‍රකාශ කිරීමෙන් පසු මහත් ආන්දෝලනයක් හටගෙන ඇතැයි ද විදෙස් වාර්තා පවසයි.

දශක කිහිපයක් පුරා, ලොව පුරා සිටින පාසල් සිසුන්ට හොංකොං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත පාලනය යටතේ පැවති බව උගන්වා ඇති අතර නව ඉගෙනුම්වලට අනුව හොංකොං බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබී නැත.

හොංකොං 1997 වසරේ දී චීනයට පවරා දී වසර 25 ක් සැමරීමට ජූලි 1 වැනිදාට සූදානම් වන අවස්ථාවක මෙම ආන්දෝලානාත්මක සිදුවීම වාර්තා වී තිබීම විශේෂත්වයකි.

මෙලෙස ඓතිහාසික කරුණු සහ සංඛ්‍යා වෙනස් කිරීම, හොංකොං හි පාසල් ප්‍රතිසංස්කරණය කිරීම, තරුණ මනස ආරක්ෂා කිරීම සහ දේශප්‍රේමී පුරවැසියන් ඇති කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙහෙයවන ලද පුළුල් ව්‍යාපාරයක කොටසක බවට චෝදනා නැගී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles