Friday, April 26, 2024

හොංකොං නීති මහාචාර්යවරයෙකු සිරගෙට

ව්‍යවස්ථාදායක සභා (LegCo) මැතිවරණය සඳහා උපාය මාර්ගික ඡන්ද ක්‍රමයක් නීති විරෝධී ලෙස ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත හොංකොං අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු හා නීති මහාචාර්යවරයෙකු ද වන බෙනී ටායිට (Benny Tai) මාස 10 ක සිර දඬුවමකට යටත් කර තිබේ.

පුවත්පත් දැන්වීම් හයක් පළ කිරීම සඳහා හොංකොං ඩොලර් 253,000 ක මැතිවරණ වියදම් දැරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු ටායිට අධිකරණය විසින් මාස 10 ක සිර දඬුවමක් නියම කළ බව රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළේය.

මෙම දැන්වීම් ව්‍යවස්ථාදායක සභාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී ගැති පක්ෂ සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීම අරමුණු කර ගෙන පළ කර තිබූ අතර මෙම උපායමාර්ගික ප්‍රචාරණ ක්‍රමය හේතුවෙන් මැතිවරණයේ සාධාරණත්වය පළුදු වී ඇති බව අධිකරණයේ මතය විය.

වරද පිළිගැනීම හේතුවෙන් ටායිගේ සිර දඬුවම මාස පහකින් අඩු කර තිබූ අතර නඩුව විභාග කිරීම ප්‍රමාද වීම නිසා ද සිරදඬුවම් කාලය මාස දෙකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles