Saturday, April 20, 2024

බංගලාදේශයේ ජනසංහාරයට එරෙහි යෝජනාව ඉදිරියටම

1971 බංග්ලාදේශ ජන සංහාරය (H.Res 1430) පිළිගැනීම සඳහා වන යෝජනාවට සහය දැක්වීමට වැඩි වැඩියෙන් නීති සම්පාදකයින් එක්වීමත් සමඟ, බංග්ලාදේශ සුළු ජාතීන් සඳහා වූ මානව හිමිකම් කොංග්‍රසය (HRCBM) පසුගිය සිකුරාදා වොෂින්ටන්හි ජාතික පුවත්පත් සමාජයේ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

H.Res 1430 යනු පාකිස්තාන සන්නද්ධ හමුදාවන්ට සහ ඉස්ලාමීය යුද අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින යෝජනාවයි.

මෙම සම්මන්ත්‍රණයට මාධ්‍ය සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, විද්වතුන්, ව්‍යවසායකයින්, බංග්ලාදේශ ඩයස්පෝරා ප්‍රජාවේ සාමාජිකයින් සහ ෆ්ලොරිඩාවේ බංග්ලාදේශයේ කොන්සල් ජනරාල්වරයා සහභාගී වී තිබේ.

HRCBM හි විධායක අධ්‍යක්ෂ ප්‍රියා සහා පැවසුවේ, 1971 දී පාකිස්තාන හමුදාව සහ එහි සහචරයින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් 200,000 කට වඩා අමානුෂික ලෙස දූෂණය කර දළ වශයෙන් මිලියන 3 ක ජනතාවක් ඝාතනය කර ඇති බවයි.

මිලියන 10 ක ජනතාවක් අවතැන් වූ අතර අසල්වැසි ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීමට සිදුවූ බව ඇය පැවසීය.

පකිස්තාන හමුදාව සහ එහි සහචරයින් මාධ්‍යවේදීන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ලේඛකයින් ඇතුළු බංග්ලාදේශ බුද්ධිමතුන් සහ වෘත්තිකයන් 1,100කට වැඩි සංඛ්‍යාවක් ඉලක්ක කර ඝාතනය කර බව පැවසේ.

බංග්ලාදේශ රජය පාකිස්තාන හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුද අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පටන් ගත් අතර බංග්ලාදේශ රජය බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවන ලදී.

එතැන් සිට එය යුද අපරාධකරුවන් 49 දෙනෙකුට නඩු පවරා ඇති අතර දැනට නඩු 500 කට වැඩි ප්‍රමාණයක‍ට අදාළව විමර්ශන සිදුවෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles