Thursday, April 25, 2024

ලෝකයේ මානව හිමිකම් කඩවීම් සිනමාව හරහා අවධානයට

චිත්‍රපට භාෂාව හරහා ලොව පුරා මානව හිමිකම් ප්‍රශ්නවලට ආලෝකය ලබා දීමට අවස්ථාවක් සලසා දෙමින් නෙදර්ලන්තයේ හේග් හි දී මානව හිමිකම් චිත්‍රපට උළෙලක් පැවත්වා තිබේ.

උළෙල සංවිධානය කළ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ගෝලීය මානව හිමිකම් ආරක්ෂාව සංවිධානය (GHRD) පවසන්නේ “මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම මානව හිමිකම් කඩවීම් සිදුවන විවිධ රටවල තත්ත්වයන් පිළිබඳව ආලෝකය විහිදුවන බවයි.

විශේෂයෙන් සින්ජියැන්ග්, ටිබෙටය සහ පාකිස්තානය ඇතුළු විවිධ රටවල සහ ප්‍රදේශ වල මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන චිත්‍රපට ගණනාවක් මෙම චිත්‍රපට උළෙලේ දී තිරගත විය.

උයිගුර් සිර කඳවුරකින් පලා ගිය කාන්තාවක් නිරූපණය කරන “From Xinyang to Netherlands”,1959 දී දලයි ලාමාතුමන් ටිබෙටයේ සිට ඉන්දියාවට ගිය ගමන සහ පැන යාම විස්තර කරන “Never Forget Tibet”, පාකිස්තානයේ සුළු ජාතීන්ගේ ක්‍රමානුකූල පරිහානිය ඉස්මතු කරන “Life in Darkness” වැනි චිත්‍රපට එහි දී ප්‍රදර්ශනය කරනු ලැබීය.

චිත්‍රපට භාෂාව හරහා දැනුම්වත්භාවය ඉහළ නැංවිය හැකි අතර මානව හිමිකම් තර්ජන වැඩියෙන් වාර්තා වන රටවල දේශීය ජනතාව දැනුම්වත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවල මෙවැනි මැදිහත්වීම් වැදගත් බව ගෝලීය මානව හිමිකම් ආරක්ෂාව සංවිධානය මෙහි දී පැවසීය.

ගෝලීය මානව හිමිකම් ආරක්ෂාව සංවිධානයේ නියෝජිතයන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ චිත්‍රපට උළෙල පිළිබඳ දැනුම්වත් වූ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles