Friday, April 19, 2024

සැමියා පූසීට ලව්.බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් ..

නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා කායික සම්බන්ධතා පවත්වන බවට බිරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත එම අඹුසැමි යුවළ ගම්පහ මහ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සැමියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත එම යුවළ මෙසේ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කර තිබේ. අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳසලක හිමිකරුවෙකි. බිරියට අවුරුදු 43කි.

ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි. එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිති. එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් නොවන බව ද පොලිසිය පවසයි.

සැමියා නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් කායිකව එක්වන අයුරු ඇසින් දුටු බවට බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.(උපුටා ගැනීමක්)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles