Friday, April 19, 2024

ICU වහන්න වෙයි?

සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීම් පැහැර හැරීම නිසා සිදුවන දෙයක් සියලුම දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රියක නොලැබී යාම හේතුවෙන් ඉරියට එම ඒකක පවත්වා ගෙන යෑමට නොහැකි දැඩි අර්බුධයක් මතුවී තිබෙන බව වාර්තා වී ඇත.

මෙම හේතුන් නිසා දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකයන්හි වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර , රුධිර වායු ව්ශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක තවදුරටත් පවත්වා ගෙන යාම නිෂ්පල ක්‍රියාවක් විය හැකිය.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සදහා සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් ගෙවීම, මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාල ප්‍රතික්‍රියක ලබා දීම කල නොහැකි බව අදාල සමාගම් විසින් දන්වා තිබීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

මෙවැනි ගැටලු සදහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නො කිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති බවත්, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇති බවත් වාර්තා වෙයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වෙනුවෙන් රවී කුමුදේශ් අවධාරණය කළේ වර්තමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබඳ සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන ව පත්කර ඇතත්, ගැටලුවට අවශ්‍ය සාකච්චාවක් අදාළ පාර්ශව සමග තවම සිදු වී නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles