Friday, April 19, 2024

මම අයින් වෙනවා ?

සති දෙකක් ඇතුළත රටේ දේශපාලන ස්ථාවර භාවයක් ඇති නොකළහොත් තමන් තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ රැඳී නොසිටින බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත්  දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උදව් නොවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටිනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිමට පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

” හැකිතරම් ඉක්මනින් ස්ථාවර රජයක් දේශපාලන ස්ථාවරත්වයක් මේ මොහොතේ රටට අවශ්‍යයි. රටේ අගමැතිවරයෙක් මුදල් ඇමතිවරයෙකු නැති පාර්ලිමේන්තුවක කිසිදු කටයුත්තක් නිසි පරිදි සිදුවන්නේ නෑ. 

විධායක ජනාධිපති යටතේ අකර්මණ්‍ය වූ තත්ත්වක් පවතින නිසා ජනතා නියෝජිතයන් 225 සහ ජනාධිපතිවරයා ගේ වගකීම මේ මොහොතේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කිරීමයි.

නීතිය හා සාමය හොද තත්ත්වයක පවත්වා ගත හැකි රජයක්‌ ඉක්මනින්ම ඇති කරගත නොහැකිවුනොත් රට අරාජික වෙනවා.

මේ තත්ත්වය තවත් දවස් 2-3ක් ඉදිරියට තිබී රටේ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය වුණොත්, අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මීටත් වඩා පැය 10-12ක තිබුණ ආකාරයට විදුලිය නැති වෙන්න පුලුවන්, හැමදෙනාටම පහසුවෙන් ගමන් කිරිමට තිබු ආකාරයේ පෙට්ට්‍රල් / ඩීසල් නැති වෙන්න පුළුවන්, තවදුරටත් ගෑස් පෝලිම් බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහෙම වුනොත් වෙන කරන්න දෙයක් නැති තැන ජනතාව පාරට ඇවිල්ලා සාමකාමී හෝ ප්‍රචණ්ඩ විරෝධතා ඇතිවෙන්න පුළුවන්.

මේ රටේ ඇතිවූ තත්ත්වයත් සමග මෙතෙක් අපහසුවෙන් ලබා ගත්ත ප්‍රගතියේ දිශාව දැන් වෙනස් වෙලා.

මේ සාමකාමී අරගලයට සිදුකල පහරදීම හෙලා දකිනවා. මේ තත්ත්වය වෙනස් කරන්න බෑ අරගල කරන අයට. මේක වෙනස් කරන්න පුලුවන් ජනතාවගේ නියෝජිතයන්ට විතරයි.

පසුගිය මාසට තුල  වේගයෙන් පහලට ගිය ආර්ථික වේගය මහ බැංකුව අඩු කලා. ඒත් මේ ඇතිවුණු තත්ත්වයත් එක්ක ආර්ථිකය පහලට යන වේගට  අල්ලන් ඉන්න බෑ. 

මේ තත්ත්වය තවත් සති දෙකක් පමණ කාලයක් පැවතුනොත් ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට මෙන්ම, රටේ සියලු දේශපාලන පක්ෂ වෙත තමන් දැනුම් දුන්නා.

මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා විට මෙවන් තත්ත්වයක් තිබුණේ නැහැ. 

තමන් නෙව වෙන කෙනෙකු මේ ධූරය සදහා ආවත් මේ ඇති දේශපාලන අස්ථාවරත්වය  යටතේ කිසිදු දෙයක් කළ නොහැකි බවත්, පළමුව රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු බව පැවසූ මහ බැංකු අධිපතිවරයා එය ජන්දයකින් ද නැත්නම් වෙනත් ආකාරයකින් ද යන්න තීරණය කළ යුත්තේ මහජන නියෝජිතයින් බව කියා සිටියා.

මේ මොහොතේ කිසිම ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යොදවන්න එපා. TV එකක් ඕන නම් ඒ ටිකක් කල් දාන්න. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දෙවල් මිලදී ගැනීමට පමණක් මුදල් භාවිතා කරන්න.

රජයේ ආදායම් මදි නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම් සඳහා රජය මුදල් අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට ඒ ක්‍රියාවලියට යන්න වෙනවා. ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

රජයේ ආදායම් වැඩි කර ගන්න ඕන. පඩි ගෙවීමට නොහැකියාවක් නැහැ. රුපියල් කියන එක මහ බැංකුවෙන් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඕන ඕන විදිහට දීලා හරියන්නේ නැහැ.

අවශ්‍ය කරන බදු වැඩිකරලා ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට ඉක්මණින් යන්න ඕනේ.

සතියකට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටවත් අවශ්‍ය සංචිත දැන් අපි ළඟ නැහැ” මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත්  මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles