Thursday, April 25, 2024

බටහිරට එරෙහි චීනයේ සයිබර් ප්‍රහාර ඉහළට

බටහිරට එරෙහි සයිබර් ප්‍රහාරවල විශාලතම රාජ්‍ය අනුග්‍රාහකයා වන රුසියාව අභිබවා චීනය ඉදිරියට ගොස් ඇති බව අන්තර්ජාතික සයිබර් ආරක්ෂක සංවිධාන ගණනාවක් අනාවරණය කර තිබේ.

සමාගම්, විශ්ව විද්‍යාල, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරන ප්‍රබලතම ජාතික රාජ්‍ය ලෙස චීනය දැන් රුසියාවට වඩා ඉදිරියෙන් සිටින බව එම සංවිධාන විසින් චෝදනා කරනු ලැබ ඇත.

මෙම සයිබර් ප්‍රහාර දහස් ගණනක විශ්ලේෂණය කිරීමෙන් අනතුරැව හදුනාගෙන ඇත්තේ ඉන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් තාක්ෂණික සමාගම්, ඖෂධ සහ ආරක්ෂක අංශ ඉලක්ක කරගත් ඒවා බවයි.

පතල් කැණීම් සහ ප්‍රවාහන ව්‍යාපාර ඇතුළු අනෙකුත් අංශවලටද සැළකිය යුතු මට්ටමකින් සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව පැවසේ.

චීන රජය සමඟ පෙලගැසී සිටින හැකර්වරුන් ඇමරිකානුවන්ගේ දෛනික ජීවිතයට බලපෑම් කළ හැකි වඩාත්ම ක්‍රියාකාරී තර්ජනය නියෝජනය කරන බව එක්සත් ජනපද වාර්ෂික බුද්ධි වාර්තාවක් ද පෙන්වා දී තිබිණ.

චීන හැකර්වරුන් ඇමරිකානු ව්‍යාපාර සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වලට තර්ජනයක් වනවා පමණක් නොව, ඇමරිකානු බුද්ධිමය දේපළ සොරකම් කිරීමේ මෙහෙයුම් ද සිදු කර ඇති බව ද ඉන් අනාවරණය කර තිබිණ.

චීන සයිබර් ප්‍රහාවලට එරෙහිව ආරක්ෂාවක් ලෙස, ඇමරිකාව දැනටමත් එරට තුළ Huawei, ZTE සහ Hikevision වැනි බොහෝ චීන සමාගම් තහනම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles