Thursday, March 28, 2024

ඉන්දියාවේ තේජාස් ආජන්ටිනාවට.

සිය ගුවන් හමුදාව සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත තේජාස් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ආර්ජන්ටිනාව උනන්දුව දක්වන බවට ඉන්දියාව ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන නිල සාකච්ජා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යා එස් ජයශංකර්ගේ දෙදින ආර්ජන්ටිනා සංචාරය අතරතුර දී සිදුකළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍ය සන්තියාගෝ කෆීරෝ සමඟ පැවති සාකච්ඡාවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් දෙරට අතර ආරක්ෂක, න්‍යෂ්ටික බලශක්ති සහ අභ්‍යවකාශ යන උපායමාර්ගික අංශවල දැනට පවතින සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍යවරයා එක්ව දෙරට අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමක මුලසුන හොබවනු ලැබූ අතර එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ආර්ජන්ටිනා ජනාධිපති ආචාර්ය ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ද හමුවි සාකච්ජා කර ඇත.

“ඉන්දියාව සහ ආර්ජන්ටිනාව ආරක්‍ෂාව, න්‍යෂ්ටික බලශක්තිය සහ අභ්‍යවකාශය යන ක්‍රමෝපායික අංශවල ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාව සමාලෝචනය කළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා එකට වැඩ කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත අවධාරණය කළ බවට දෙපාර්ශවය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

2019 දී අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ රාමුව තුළ ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයම මෙහිදී සිය එකඟතාවය පළකර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles