Wednesday, April 24, 2024

සෞඛ්‍ය සැපයුම් දාම ශක්තිමත් කිරීම සඳහා ආසියාන් ඉන්දියා සමුලුව සාර්ථකව නිමවෙයි.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සහ ඉන්දියානු (ආසියාන්-ඉන්දියා ) 7 වැනි Network of Think Tanks (AINTT) සමුළුව සාර්ථකව පවත්වා එකගතා රැසක් ඇති කර ගෙන නිමා කළ බව වාර්තා වේ.

නවදිල්ලියේ හි ASEAN-India මධ්‍යස්ථානය සහ සහයෝගීතාවය සහ සාමය සඳහා වන කාම්බෝජ ආයතනය සහයෝගීතාවයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින්, තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සැසිවාරයට සහභාගී වූහ.

කාම්බෝජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය කුං ෆෝක් සිය දේශනයේදී සෞඛ්‍ය, එන්නත්, දේශගුණික විපර්යාස සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව වැනි ක්ෂේත්‍රවල ආසියාන්-ඉන්දියා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles