Friday, April 19, 2024

ලොව සිව්වන ආර්ථික බලවතාවීමට ඉන්දියාවෙන් ඉලක්කයක්.

වසර 2047 වන විට ඉන්දියාවට ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය බවට පත් විය හැකි අතර යටිතල පහසුකම් සපයන බලාගාරයක් ලෙස ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%කට දායක විය හැකි බව ඉන්දීය සිවිල් ගුවන් සේවා පිළිබඳ අමාත්‍ය ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියා පවසා තිබේ.

“2010-11 වසර තුළ ඉන්දියාවේ ඒකපුද්ගල ආදායම රු 53,000 ක් වන අතර එය 2047 වන විට එක් පුද්ගලයකුට රු ලක්ෂ 4 ඉක්මවනු ඇති බවත් 2047 වන විට සියලුම රජයේ යෝජනා ක්‍රමවල පූර්ණ සංතෘප්තියක් ඇති වනු ඇතැයි India Ideas සාකච්ඡා මණ්ඩපයේ දී අමාත්‍යවරයා පැවසීය.

2014 වසර වන විට ලෝකයේ 10 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වූයේ ඉන්දියාව වන අතර කොවිඩ් වසංගත කාල සීමාව ද ඇතුළත් පසුගිය වසර අටක කාල සීමාව තුළ රට 40% ක සමුච්චිත වර්ධනයක් ළඟා කරගෙන ඇත.

පැරණි යුගයේ දී ඉන්දියාව පාලනය කිරීමට හා සැපයීමට පමණක් සීමා වුණු නමුත් මේ වන විට ඇත්තේ දක්ෂතා සහ ව්‍යවසායකත්වයට ඉඩ සලසන ඉන්දියාවක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනු ලැබීය.

මේ අනුව ඉන්දියාව 2047 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් 15% කට දායකවන රටක් බවට පත් වීම සඳහා ” හැකියාව, ” ගොඩ නැගීම කෙරෙහිත් කුළුණු අටක් මත සංවර්ධන ආකෘතියේ පදනම සකස් කිරීම සඳහාත් අවධානය යොමු කරන බව අමාත්‍ය සින්දියා අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles