Friday, April 19, 2024

ඉන්දියාව, අසීරු මොහොතේ ප්‍රබල සහයක…

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට වැදගත් ගිවිසුම් 06කට අත්සන් තබා තිබෙනවා. පෙරේදා(28) විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සමගාමිව මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා.

ඒ අනුව ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SL-UDI) වැඩසටහන ක්‍රියාත්මක කිරීම, සමුද්‍රිය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් සැපයීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීමේ සහයෝගීතාව, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නව මෘදුකාංග සහිත නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු පිහිටුවීම යන ක්ෂේත්‍රයන්ට අදාළ අවබෝධතා ගිවිසුම්වලට මෙන්ම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමට මෙහිදී අත්සන් කර තිබෙනවා. මිට අමතරව ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ධීවර හා ජලජ සම්පත් ඇමතිවරයා අතර සාකච්ඡාවේදී, ධීවරයින්ට අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර බලය බෙදීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරු කරගත් බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ අතර ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බවට ඇතැම් ජනමාධ්‍ය ආයතන විසින් පුවත් පළකර තිබුණා.එසේ පළ වන වාර්තා පිළිබඳව ඊයේ පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. විශේෂයෙන් කොළඹ සමුද්‍රිය ගලවා ගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritinie Resetue Cordination Centre in Colomkhy) සඳහා ඉන්දීය රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් ලැබෙන අතර, එම මධ්‍යස්ථානය පිහිටුවීම් යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව ද ආරක්ෂක අමාත්යංශය පෙන්වදෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විවිධ වූ අන්තර්ජාතික සම්මුන්ට අනුකූලවීම සඳහා කලාපයේ ක්‍රියාත්මක වන විපතට පත් යාත්‍රා පිරික්සුම් හා ගලවා ගැනීමේ සේවාවන් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම අවශ්‍ය කරුණක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles