Thursday, April 25, 2024

ඔත්තු බලන නැව භයානකද? ඉන්දීය මාධ්‍ය පවසන කතාව

තවත් දින 07කින් මෙරට හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීනයේ යුවාන් වැන්ග්-5 නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හැසිරීම අතිශය දියාරු බව මේ වන විට දැකගන්නට ලැබේ. පසුගිය සතියේ සිකුරාදා මෙම චීන නෞකාව පිළිබඳව දේශීය ජනමාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්යංශය පළමුවරට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන ලද්දේ එවැනි නෞකාවක් මෙරටට පැමිණීම පිළිබඳව තම පාර්ශවයට වාර්තා නොවන බවයි. එලෙස මෙම නෞකාව පිලිබඳ ප්‍රවෘත්තිය යටගැසීමට රජය උත්සාහ කළද, පසුගිය සති අන්තයේදී ඉන්දියව විසින් ඒ පිළිබඳව බරපතල කනස්සල්ල පළකිරීමත් සමග නැවතත් ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලද්දේ එවැනි යාත්‍රා වරින් වර ඉන්දියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි විවිධ රටවලින් පැමිණෙන අතර එය “අසාමාන්‍ය දෙයක් නොවන” බවයි.

ශ්‍රී ලංකාව සිය ස්ථාවරය එලෙස වෙනස් කිරීමෙන් පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව ඒ පිළිබඳව සිය ස්ථාවරය නිවැරදිව ප්‍රකාශ කිරීමට පැවැති පැකිළීමයි. ඊට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබාගෙන ඇති අති විශාල ණය ප්‍රමාණයයි. එසේම සිය අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට චීනයේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකාව සිය විශාල අසල්වැසියා වන ඉන්දියාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් මෙම සිදුවීමේදී කෙතරම් සලකා බලන්නේද යන්න විශාල ගැටළුවක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක උපාය මාර්ගයන් සාම විටම ශ්‍රී ලංකාවට තීරණාත්මක අයුරින් බලපානු ලැබේ. විශේෂයෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ඉන්ධන, ඖෂධ සහ ආහාර ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදී ඇති ඩොලර් බිලියන 3.8කට ආසන්න මුල්‍යාධාර පිළිබඳව සලකා බලන විට, ඉන්දියාව මෙම චීන නෞකාව සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල නොසලකා හැරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම හැකියාවක් නොමැත. එමනිසා ඉන්දියවෙන් ලබාගන්නා උපකාර වෙනුවෙන් ප්‍රත්‍යුපකාර සිදුකිරීමේ ක්‍රමවේදය මෙය නොවන බව ශ්‍රී ලංකාව අවබෝධ කරගත යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles