Friday, March 29, 2024

ඉන්දියාව සහ භූතානය අතර එකගතා රැසක්

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ භූතාන මුදල් අමාත්‍ය Lyonpo Namgay අතර හමුවක් අමෙරිකාවේ වොෂිංටන් නුවරදී පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවකට සහභාගී වීම සදහා අමාත්‍යවරුන් වොෂිංටනයට පැමිණ සිටින අතර ඊට සමගාමී මෙම හමුව සිදු වී ඇත.

භූතානය සමග පවතින ද්විපාර්ශවික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරන බව එහිදී මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසා තිබේ.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජල විදුලිය සහ කොරෝනා මර්ධන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට අමතරව ඩිජිටල් තාක්ෂණය, අභ්‍යවකාශ මෙහෙයුම්, මූල්‍ය අංශය, සෞඛ්‍ය හා තෘතියික අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

අසීරු අවස්ථාවලදී ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගයට සහ මූල්‍ය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක අතිරේක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් භූතානය එහිදී ඉන්දියාව වෙත් ස්තූතිය පළ කර ඇතැයි ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles