Friday, April 19, 2024

ඉන්දියාව වසර 15ක් තුළ මිලියන 415ක් දරිද්‍රතාවයෙන් මුදා ගෙන ඇතැයි හෙළිවේ.

ඉන්දියාව තුළ, 2005-06 සිට 2019-21 දක්වා වන වසර 15 ක කාලය තුළ මිලියන 415 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මිදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතාවය සහ මානව සංවර්ධන ආයතනය එක්ව සම්පාදනය කරන ලද නවතම දරිද්‍රතා දර්ශකයට (MPI) අනුව, රටේ දරිද්‍රතාවයේ 2005-06 දී 55.1% සිට 2019-21 දී 16.4% දක්වා පහත වැටී ඇත.

දර්ශකය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව තවමත් මිලියන 228.9 ක් වන ලෝකයේ වැඩිම දුප්පතුන් සංඛ්‍යාව සිටින බවත්, පසුව වැඩිම දුප්පතුන් සංඛ්‍යාව නයිජීරියාව, මිලියන 96.7 ක් බවත්ය.

රටවල් 111 ක් පුරා, බිලියන 1.2 ක ජනතාවක් (සියයට 19.1 ක්) උග්‍ර දරිද්‍රතාවයේ ජීවත් වන අතර මෙම පුද්ගලයින්ගෙන් අඩක් පමණ (මිලියන 593) වයස අවුරුදු 18 ට අඩු ළමුන් බව අදාළ වාර්තාව සදහන් කර තිබිණ.

වැඩිම දුප්පතුන් සංඛ්‍යාවක් සිටින සංවර්ධනය වෙමින් පවතින කලාපය ලෙස අප්‍රිකාවත් (මිලියන 579කට ආසන්න) සහ දෙවනුව දකුණු ආසියාව (මිලියන 385) ලෙසත් එම වාර්තාව මගින් හෙළි කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles