Thursday, March 28, 2024

මුස්ලිම් සංවිධානයක් තහනම් කරන ලෙස ඉන්දීය රජයට ඉල්ලීමක්.

රැඩිකල්වාදී මතවාදයන් දරණ Popular Front of India (PFI) කණ්ඩායමෙන් ඉවත් වී සිටින ලෙස එරට සමස්ත ඉන්දීය මුස්ලිම් ජමාත් සංවිධානයේ සභාපති මවුලානා ෂහබුදීන් රස්වි ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම PFI කණ්ඩායම තහමන් කිරීමට කටයුතු කරන ලෙස ද ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

PFI කණ්ඩායමේ නායකයින් අත්අඩංගුවට ගැනීම ද මවුලානා රිස්වි විසින් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රැඩිකල් මත දරණ PFI සාමාජිකයින් රට පුරා සිදුවන අන්තවාදී ක්‍රියා රැසකට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එවැනි කණ්ඩායම් තහනම් විය යුතු බැවින් ඔවුන් හා සම්බන්ධ වීමෙන් වැළකී සිටින්නැයි මවුලානා රිස්වි ඉන්දියාවේ වෙසෙන සුනී සහ සුෆී මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටී.

PFI කණ්ඩායම ‍රට තුළ තහනම් කර ජනතාව අතර සමගිය රටේ ස්වෛරීත්වය ආර්ක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ද මවුලානා රිස්වි ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles