Thursday, March 28, 2024

මෝදි සමග ත්‍රස්තවාදීන්ට සෙල්ලම් බැහැ – ඇමෙරිකානු බුද්ධි වාර්තා කියයි

එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවට අනුව, අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව විසින් පාකිස්ථාන ප්‍රකෝප කිරීම් වලට හමුදා බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇත.

පාර්ශව දෙකම න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රාජ්‍යයන් බැවින්, ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුද වඩාත් සැලකිල්ලට ලක් විය යුතු යැයි එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය දැක්වීමේ දීර්ඝ ඉතිහාසයක් පකිස්ථානයට ඇති අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව, අතීතයට වඩා, එවැනි ත්‍රස්ත කණ්ඩායම්වලට හමුදා බලයෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩි ඉඩක් ඇතැයි තක්සේරු වාර්තාව පෙන්වාදෙයි.

එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට ලෝක ව්‍යාප්ත තර්ජන පිළිබඳ මෙම වාර්ෂික වාර්තාව ප්‍රතිපත්ති සම්පාදකයින්ට, යුධ සටන්කරුවන්ට සහ දේශීය නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට අවශ්‍ය සූක්ෂ්ම, ස්වාධීන තොරතුරු සම්පාදනය කරයි.

මෙම තක්සේරුව මගින් ඉදිරි වසර තුළ එක්සත් ජනපදයට එල්ල වන වඩාත්ම සෘජු, බරපතල තර්ජන කෙරෙහි අවධානය යොමු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles