Friday, April 19, 2024

ඉන්දියාව ආරක්ෂක අපනයන ඉහළ නංවයි

වත්මන් මූල්‍ය වර්ෂයේ මාස හයක් තුළ ඉන්දීය රුපියල් කෝටි 8,000ක් වටිනා ආරක්ෂක අපනයන ලියාපදිංචි කර ඇති අතර 2025 වන විට වාර්ෂික අපනයන ඉලක්කය වන රුපියල් කෝටි 35,000 සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඔක්තෝබර් 18 සිට 22 දක්වා ගාන්ධිනගර් හිදී පැවැත්වෙන DefExpo උත්සවයේදීය.

2014 න් පසු නරේන්ද්‍ර මෝදි රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂක අංශය රුපියල් කෝටි 30,000 ක් වටිනා අපනයන ලියාපදිංචි කළ බව සිං පැවසීය.

ජාත්‍යන්තර මට්ටමින් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය පිළිබඳ ගෝලීය ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීමේ මාවතේ ඉන්දියාව වේගයෙන් ඉදිරියට යමින් සිටින බව ද ඔහු සදහන් කළේය.

2014 ට පෙර ඉන්දියාව රුපියල් කෝටි 900-1300 අතර ආරක්ෂක අපනයනය සිදුකර ඇති අතර වසර ගණනාවකට පසු ඔවුන් අද වන විට රුපියල් කෝටි 30,000 කට වඩා වටිනා අපනයන ලබාගෙන තිබෙන බවත් අපනයන ඉලක්කයට තවත් රුපියල් කෝටි 8,000-9,000 ක් මේ වසරේ එකතු කළ හැකි බවත් ඇමතිවරයා පැවසීය.

2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට ඉන්දියාව රුපියල් කෝටි 35,000 ක් වටිනා වාර්ෂික ආරක්ෂක අපනයන සාක්ෂාත් කර ගැනීමට ඉලක්ක කරන බව ද ඔහු සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles