Tuesday, April 16, 2024

කටාර් අත්අඩංගුවේ සිටින හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන්ට ඉන්දියාව කොන්සියුලර් ප්‍රවේශය ඉල්ලයි

කටාර් බලධාරීන් විසින් දෝහා හි රඳවා සිටින හිටපු නාවික හමුදා නිලධාරීන් අට දෙනෙකු වෙත කටාර් රජයෙන් කොන්සියුලර් ප්‍රවේශය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පවසයි.

දෝහාහි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය කටාර් බලධාරීන් සමඟ නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඔහු පවසා ඇත.

අගෝස්තු 30 වැනිදා සිට දෝහාහි හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 8 දෙනෙකු මෙලෙස රඳවා තබා ගෙන ඇත.

රඳවා සිටින හිටපු නාවික හමුදා නිලධාරීන්ගේ සමහර පවුලේ සාමාජිකයන්ට රඳවාගෙන සිටින තම ඥාතීන් බැලීමට අවසර දී ඇති බවත් ඔවුන් වෙත සම්බන්ධ වීමට වැඩිදුර කොන්සියුලර් ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින බවත් සතිපතා මාධ්‍ය හමුවේදී ඔහු පවසා තිබේ.

කටාර්හි සේවය කරන හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් අට දෙනෙකුගේ රැඳවුම් වාර්තා පිළිබඳ විමසීම්වලට පිළිතුරු දෙමින් බග්චි මේ බව පැවසීය.

උප ජනාධිපති ජග්දීප් ධන්කාර් තම සංචාරයේදී රඳවාගෙන සිටින හිටපු ඉන්දීය නාවික නිලධාරීන් 8 දෙනාගේ ප්‍රශ්නය මතු කළේද යන්න පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බග්චි පැවසුවේ කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ ආරාධනයෙන් 2022 FIFA ලෝක කුසලානයේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට උප ජනාධිපති කටාර් වෙත ගිය බවත් රඳවාගෙන සිටින නිලධාරීන් ගැන සාකච්ඡා ‍නොකළ බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles