Saturday, April 20, 2024

ඉන්දියාවේ ඇස් කන්නාඩි සමග ජපානයත් අල්ලයි

සොෆ්ට්බෑන්ක් සමූහයේ අනුග්‍රහය ලබන ඉන්දියාවේ විශාලතම ඇස් කණ්ණාඩි සිල්ලර වෙළෙද සමාගම වන Lenskart, ජපානයේ ඇස් කණ්ණාඩි දාමයක් වන Owndays හි ආසන්න වශයෙන් 75% ක කොටස් මිලදී ගෙන ඇති බව වාර්තා වේ

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 400ක් බව පැවසේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෙන්ස්කාට් සමාගම කියා සිටියේ ඕව්න්ඩේස්හි සම-නිර්මාතෘවරුන්, ප්‍රධාන විධායක නිලධාරී ශුජී ටනාකා සහ ටකේ උමියාමා දිගටම කොටස් හිමියන් ලෙස කළමනාකරණ කණ්ඩායමට නායකත්වය දෙන අතර වෙළඳ නාමය ද ස්වාධීනව ක්‍රියාත්මක වන බවයි.

මීට පෙර මැයි මාසයේදී, Lenskart හි අනුබද්ධිත සමාගමක් වන Neso Brands, KKR, Softbank, Alpha Wave Global සහ Temasek වෙතින් ඩොලර් මිලියන 100ක් රැස් කර ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබේ.

මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය Lenskart හි වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 4.3 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles