Wednesday, April 24, 2024

ඉන්දියාව ලෝකයේ 05 වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වෙයි

ලෝකයේ 05 වන විශාලතම ආර්ථිකය සහිත රට බවට පත්වීමට ඉන්දියාව සමත්ව ඇත.

ඒ ජීවන වියදම හා උද්ධමනය හමුවේ අර්බුදයට ලක්ව ඇති බ්‍රිතාන්‍යය 06 වන ස්ථානයට ඇද දමමින්.

බ්‍රිතාන්‍යය පසුකරමින් ඉන්දියාව ලොව 05 වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇත්තේ එරට සතු අමෙරිකානු ඩොලර් සංචිත, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දළ දේශීය නිෂ්පාදිතයේ සංඛ්‍යාලේඛන වලට අනුව වසරේ පළමු කාර්තුවේදී බ්‍රිතාන්‍යයට වඩා ඉදිරියෙන් පැවතීම හේතුවෙන්.

ඒ අනුව බ්‍රිතාන්‍යය, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටී ඇති අතර එරට පවතින දේශපාලන අර්බුදය ද මෙම තත්ත්වයට තදින්ම බලපා ඇත.

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති අගමැති ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම ලබන සඳුදා සිදු කෙරෙනු ඇති.

ඒ අනුව තේරී පත්වන නව අග්‍රාමාත්‍යවරයාටද ආර්ථික හා දේශපාලන අර්බුද රැසකට මුහුන පෑමට සිදුවනු ඇති.

බ්‍රිතාන්‍යයේ තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාව මෙම වසරේදී සීයයට 7 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles