Thursday, April 25, 2024

යුක්රේනයේ සාමය වෙනුවෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය එකඟවේ

යුක්රේනයේ කල්පවත්නා සාමයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යවශ්‍ය බවට ඉන්දියාව සහ එක්සත් ජනපදය බොහෝ දුරට එකඟ වන බව ඇමෙරිකානු ජෝ බයිඩන් පරිපාලනය ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කරන ලද්දේ, යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් තම රට ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල් සහ හවුල්කරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවත්, රුසියාව යුද්ධය සම්බන්ධයෙන් වගවිය යුතු බව අන්තර්ජාතික ප්‍රජාව තරයේ පිළිගන්නා බවත්ය.

ඔහු පසුගියදා පැවැති දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන් හමුවේ ප්‍රයිස් සඳහන් කරනු ලැබුවේ, යුක්රේනයේ ජනතාව සඳහා ඉන්දියාවේ සහයෝගය ඇමරිකාව සාදරයෙන් පිළිගනන බවත්, ඉන්දියාව යුක්රේනයට මානුෂීය ආධාර සපයා ඇති අතර යුක්රේනයට එරෙහි රුසියාවේ කුරිරු යුද්ධය වහා අවසන් කරන ලෙස ඉන්දියාව ඉල්ලා ඇති බවත්ය.

වර්තමාන යුගය යුද්ධයේ යුගයක් නොවන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශයට ඇමරිකාව ද බෙහෙවින් එකඟ වෙන බව ඔහු සඳහන් කළේය.

රුසියාව සහ යුක්රේනය සමඟ සබඳතා පවත්වන ඉන්දියාව වැනි රටවල්වලට, මෙම යුද්ධයට අවසන් කළ හැකි සංවාදයක් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ගෙන ඒමට සහාය විය හැකි බව එක්සත් ජනපදය විශ්වාස කරන බව ප්‍රයිස් එහිදී වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles